මුල් ප්රභවය
ඇදුම රෝගය ඉදහිට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන පොදු පෙණහලු තත්වයකි. සෑම වයස් කාණ්ඩයකම ජනයාට එය බලපාන අතර බොහෝ විට ළමා අවධියේදී පටන් ගැනේ. කෙසේ වෙතත් මෙම රෝගය පළමු වතාවට වැඩිහිටියන්ටද වර්ධනය විය හැක. ඇදුම රෝගය දැනට නිට්ටාවට සුව කර ගත නොහැක. නමුත් ඉතාමත් සරළ ප්‍රථිකාර ක්‍රම මගින් මෙම රෝග ලක්ෂණ පාලනය කර ගත හැක. එම නිසා මෙම රෝගය ඔබගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති නොවේ.
ඇදුම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ:
සමහර විට රෝග ලක්ෂණ තාවකාලිකව නරක අතට හැරේ. මෙය ඇදුම ප්‍රහාරය ලෙස හැඳින්වේ.
ඔබ හෝ ඔබේ දරුවාට ඇදුම ඇති බව ඔබ සිතන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. බොහෝ රෝග තත්වයන්ට සමාන රෝග ලක්ෂණ ඇති විය හැක. එබැවින් සුදුසු රෝග විනිශ්චය සහ නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ. ඔබගේ වෛදවරයට සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ විමසීමෙන් හා සමහර සරල පරීක්ෂණ සිදු කිරීමෙන් ඇදුම රෝගය නිර්ණය කිරීමට හැකි වේ.
කුඩා ආම්පන්නයක් වන ඉන්හේලරයක් මගින් ඇදුම රෝගයට ප්‍රතිකාර කල හැක. මෙමගින් රෝගියාට ඖෂධ අශ්වාස කරනු ලැබේ. ප්‍රධාන වර්ග නම්:
සමහර අයට බෙහෙත් පෙති ද අවශ්‍ය වේ.
ඇදුම ඇති වනුයේ වාතය ඇතුලට සහ පිටතට ගෙනයන ස්වාශනාලයේ ඉදිමුම නිසාවෙනි. මෙම නාල ඉතා සංවේදී වන අතර ඒවා තාවකාලිකව පටු වේ. එය අහඹු ලෙස හෝ රෝගය ඇතිකරවන හේතු වලට නිරාවරණය වීම නිසා ඇති වියහැක. ඇදුම රෝගය උත්සන්න කරන පොදු සාධක:
ඔබගේ ඇදුම රෝග තත්වය වැඩි කරන සාධක හඳුනා ගැනීමෙන් හා ඒවායින් වැළකී සිටීමෙන් රෝග ලක්ෂණ පාලනය කර ගත හැකිය.
විශේෂයෙන් ඔබ වැඩිහිටියෙක් වන විට එය පළමුවරට වර්ධනය වුවහොත්, ඇදුම රෝගය බොහෝ දෙනෙකුට දිගුකාලීන තත්වයකි. දරුවන් තුළ, සමහර අවස්ථාවලදී තරුණ කාලයේදී මෙම රෝග ලක්‍ෂණ අතුරුදහන් හෝ වැඩි දියුණු වන නමුත් එය පසුකාලීනව නැවත පැමිණිය හැකිය. රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ප්‍රතිකාර මගින් පාලනය කල හැක. සමහර පුද්ගලයන්ට වඩාත් බරපතල ඇදුම රෝගී තත්වය නිසා අඛණ්ඩ ගැටළු වලට මුහුණ පෑමට සිදු වුවද, බොහෝ පුද්ගලයන්ට සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී ජීවිතයක් ගතකල හැක.
ඇදුම සාමාන්‍යයෙන් පාලනය කළ හැකි වුවද, එය තවමත් ගැටලු ගණනාවක් ඇති කළ හැකි බරපතල තත්වයකි. මේ නිසා ඔබගේ ප්‍රතිකාර ක්‍රම නිවැරදිව අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වේ. ඔබගේ රෝග ලක්ෂණ නරක අතට හැරේ නම් එය නොසලකා හරින්න එපා. ඇදුම රෝගය හරි හැටි පාලනය නොකළේ නම් මෙවැනි ගැටළු ඇතිවිය හැක:
ජීවිතයට තර්ජනයක් විය හැකි බරපතළ ඇදුම ප්‍රහාර වල අවදානමක් පවතී.